MACO

Tuesday, July 30, 2019

මතින් තොර සිරි ලකක් ගොඩනගමු

                                                   මතින් තොර සිරි ලකක් ගොඩනගමු.
ස්වභාව සෞන්දර්යයෙන් අනූන ශ්‍රී ලංකාව දෙස් විදෙස් කාගේත් නෙත් සිත් සොරා ගන්නා මනරම් භූමිභාගයකි. අතීතයේ පටන් සිරිලක තේ,පොල්,රබර්,කුරුදු ආදී බොහෝ දෑ කෙරෙහි ප්‍රසිද්ධියක් ඉසිලීය.ඒ අතර ලංකාවේ මැණික් සහ ගජමුතු කෙරෙහි වූ ආකර්ෂණය අතිමහත්ය.
අතීතයෙහි එවන් ප්‍රසිද්ධියට පත් සිරිලක අද ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ මත්ද්‍රව්‍ය කෙරෙහිය.ශ්‍රී ලංකාව මත් ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.පුරාණ අතීත කතාවල මෙන් ම අදටත් ශ්‍රී ලංකාව බොහෝ ගොදුුරු වලට ලක් වන්නේ සමකය ආශ්‍රිතව රටක් වීමත්,ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් වීමත් හේතුවෙනි.මෙනිසාම බලවත් රටවල් සිරිලක ගිලගෙන ඇත.
ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් වීම තුළ බාල තරුණ පරපුර නිරන්තර පරිහානියට පත්ව සිටිනු දැක ගත හැකිය.පාසල් වියෙහි සමනල පැටවුන් හයක් හතරක් නොදැන ම සිගරැට්ටුව ට,ගංජා මිටියට,කුඩු සහ ටැබ්ලට් ඇයි කියා ගන්නා නානාප්‍රකාර මත් ද්‍රව්‍ය කෙරෙහි ලොල් ව ඇත.
මතට ලොල් වී බමන බාල මහලු කාටත් තම මව හෝ සොහොයුරිය පිළිබඳ ව අවබෝධයක් නොවන්නේ ය.බාල වයස් කාර ක් අපයෝජන සහ අපචාර බහුලව මත්ද්‍රව්‍ය අස්සේ සිදුවෙයි.දරුවා තම මව නොහඳුන්වන්නේ කිරි සුවඳ පරයා මත් සුවඳ ලේ නහර පොපියා ගොස් ඇති බැවිනි.සහෝදරයා තම සහෝදරිය වත් නොහඳුනයි.පවුල් සංස්ථා තුළ අනේක ප්‍රශ්න ගොඩ නැගෙයි.මව-පියා අතර අඩදඹර බෝමයි.අහෝ! දෙවිනි මෙවන් මත් කුමටද?
මතට ලොල් වූ මිනිසාව ඉන් ගලවා ගැනීම අසීරු ය.කුඩා දරු පැටව් මේ දැලෙහි පැටලෙන්නේ කටේ කිරි කිරිසුවද යාමටත් ප්‍රථමයෙනි.කාටත් මත පිළිබඳ අවබෝධයක් නොවෙයි.ඉන් ලැබෙන වින්දනය පමණක් ගැන සිතයි.
"සිංහල ජාතිය විනාස වෙලා ලු,ජනගහන අඩු වෙලා ලු"
මදක් සිතා බලන්න ළදරු විය මතට ගොදුරු වූ මිනිසාගේ අනාගතය පිරිපුන් විය හැකිද?සෙල්ලක්කාර කමට ගංජා සුරුට්ටුව ඉරවට මදකට සිතුනාද ස්නායු ආබාධ ඇති වෙයි කියල.ගැන්සිය ඇතුලේ පොරක් වෙන්න අරක්කු උගුර උගුර බඩට යනකොට දැනුනා ද අක්මාව දියවෙයි කියලා. ජීවිතයේ හොදම වයසට එනකොට අපේ තරුණ පරපුර ලෙඩ්ඩු වෙලා ඉවරයි. දරුඵල අහිමියි.ලෝකෙට පේන්න දැන් බොරුවට මරාගන්නව සින්හල ජාතිය අඩුවෙලා කියල.කුමන්ත්‍රණකාරීව ගොඩනැගුනු දඩයමේ ඔබත් එක් හවුල්කාරයෙක් කියල ඔබට හිතුනෙ නෑ නේද?
මත්ද්‍රව්‍ය විතරක් තියෙන තැනක ඔබට ජීවිතයක් තියේද ඔබට අනිත් සියල්ලම අහිමි ව. මඳක් සිතා බලන්න රට ජාතියේ ගොඩනඟන්නට නම් දැයට නිරෝගී දුප්පතුන් අවශ්‍යයි.රටේ ශක්තිය ජවය ඔබයි.
" මගේ සිරිලක මතින් නිවහල් රටක් වේවා! "

3 comments: