අපේ මහගෙදර වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතට මායිම්ව පිහිටා ඇත.හුදෙකලා ලෙස ගලා බසින මහා ඔයෙන් එගොඩ වූ විට ගිරිඋල්ල නගරයට සහ නාරම්පන නාරම්මල නගරයට අතරමැද පිහිටි කුඩා රාජ මැද පිහිටි කුඩා රාජධානියක් ලෙස සුප්‍රකට දඹදෙණිය කේන්ද්‍රකරගනිමින් පිහිටියකි.
දෙපස පරතෙරක් නොපෙනෙන තරමට විහිදුණු පොල් රුප්පාවක් වන අතර එය වටා දිවෙන ගිනි ගිනිසීඩියා වැට නෙතඟ වශී කරගන්නේ නිය මත මහමග ලා රෝස පැහැයෙන් නැවුණු මල්බර අතුත්,පලසක්ව මග පුරා අතුරා ඇති මල් පෙතිත් ය.කොන්ක්‍රිට් පිරුණු උස ගොඩනැගිලි නිතර ඇස ගැටීමෙන් පැවති අප්‍රසන්න හැඟීමට මෙම දසුන මහෝශදයක් බීම නිසා අප මොහොතක් රථය නවතා එහි අසිරිය විඳ ගත්තේ ගත්තේ සිංහල අලුත් අවුරුද්දට පරිසරය දක්වන පෙරළිය කෙරෙහි ස්වාභාසින්සන එක්කරමිනි.පොල් රුප්පාව පසුකර ඇදුනු අපට නෙත ගැටුණේ ගොයම් කැපූ කෙත් යායෙහි ඉපනැලි මත කෙලිදෙලෙන් දුව පනින මගේ දරු දෙදෙනාගේ වයසැති කුඩා දරුවන් සමූහයකි.ඔවුන් දුටු වහාම මගේ නෙතඟට කඳුළක් ඉනුවේ මොවුන් විදින නිදහස සහ ආස්වාදය මගේ පැටවුන්ට උරුම නොවීම හේතුවෙන් වන්නට ඇත.
මාත්, දරු දෙදෙනාත් බිරිඳත් ,මහගෙදරට ලගාවන විට සැඳෑ වරුවට එලඹ තිබුනත් සීයාත් ආච්චිත් මග බලා සිටියේ මුණුබුරන් දෙක බලා ගැනීමේ ආසාවෙන් බව අපගේ පිළිගැනීම තුළ තුළ ගැබ් වී තිබුණි.කලකට පසුව අම්මගෙන් ලැබුණු රසවත් තේ කෝප්පයක මිහිර අපගේ විඩාව දුරු කළ අතර දරුවන් මිදුලට පැන නැටුවේ කූඩුවෙන් නිදහස් කළ පරවි පැටවුන් දෙදෙනෙක් මෙනි.
අම්මා අතින් සෑදුනු රෑ කෑම වේල මටනම් රාජ බෝජන පරාද විය.මා වඩාත් ආශා කළේ ඈ අතින් සෑදුණු කකුළු හොද්දටයි.මේසය වටා රාත්‍රී ආහාර වේල වෙනුවෙන් ඒකරාශී වූ අප ගේට්ටුව එය ගිල දැම්මේ කලකට පසුව රසවත් ආහාර වේලක් ලැබීම හේතුවෙනි.දරුවන්ට කකුළුවන් බෙදමින් මගේ පියා කතන්දරයක් කියන්නට පටන් ගත්තේ මගේ අතීතය ද ආවර්ජනය කරමිනි.
"මට මේ කකුළු හොද්ද දකිද්දී පුතේ ,කණුගල ඈයෝ කකුළුවා අල්ලපු හැටි මතක් වෙනවා."කියමින් සීයා කතාව ආරම්භ කළේය.කතාව ආරම්භයේ දී ම ලොකු පුතා හරක් කැපුවේ කණුගල තියෙන්නේ කොහෙද යැයි සීයාගෙන් ප්‍රශ්න කරමිනි.
"දඹදෙණි රාජධානියේ වීරබාහු කුමාරයා නම් රාජ කෙනෙක් චන්ද්‍රභානු නම් රජ කෙනකු ව මාහා සටනකින් පරාජය කළා. මේ බව පසුව මහ රජ්ජුරුවන්ට සලකලා.වීරබාහු කුමාරයා තම මාමණ්ඩියගෙන් ගමක් අස්වැද්දීමට අවසර ඉල්ලුවා.කුමාරයා අස්වද්දපු ගම බලන්න මහ රජ්ජුරුවෝ ඒ කියන්නේ පරාක්‍රමබාහු රජතුමා එන අතර තුර මොකක්ද බං මේ හුණුපොල කියලා ඇහුවා.පරාක්‍රමබාහු රජතුමා කණුපොල කියලා කියපු ස්ථානය ට අද වෙන කොට කණුගල කියලා ව්‍යහාර වෙනවා".කියමින් සීයා කතාව ඉදිරියට ගෙන ගියේ ය.
අනේ! සීයේ,අර කකුළුවාගේ කතාව කියන්නකො කියමින් පොඩි පොඩි පුතු ඇවිටිලි කළේ ය.
සීයා උගුර පාදමින් නැවතත් කථාව කතාව ආරම්භ කළේය.පුතේ,මේ කණුගල කියන ගමේ මිනිස්සු ටිකක් මෝඩ පහේ ඈයෝ කියලයි සම්මතේ.ඔන්න ඉතින් බොහෝම කාලෙකට ඉස්සර කණුගල කියන ගමේ ගෙදර ගෙනත්මි නිස්සු දෙන්නෙක් ගියාලු පුතේ හලාවත වැල්ලෙන් කකුළුවො ගේන්න.ඔන්න ඉතින් මේ ජෝඩුව හලාවතින් කකුලුවොත් අරගෙන ගෙදර ආවා ලු .ගෙදර ගෙනාපු කකුළුවො වාහෙට දුන්නලු රස වෑංජනයක් හදන්න .ඒත් එක්කම කොහේදෝ නැති මහවැස්සක් වහින්න පටන් ගත්තලු.වාහෙත් කකුළුවො ටික එලිපත්තෙ මැස්ස උඩින් තියල ගෙට වැදුනලු.වැස්ස අහවර උනාට පස්සේ මේ ඇඹේණි ඇතිලිකුත් සෝදගෙන කකුළු හොද්ද හදන්න එනකොට එක කකුළුවෙක් වත් මැස්ස උඩ නැතිලු .
සීයාගේ විරාමය පොඩි පුතුට කතාවෙ රසවත් භාවය වැඩි කරන්නත් විය .නොඉවසිලිමත්කමින් අනේ සීයේ සීයේ ඉක්මනට කතන්දරේ කියන්නකො කීවේය .
මේක දැකපු වාහෙගෙ ඇස් උඩගිහින් කෑමොර තියන්නට විය.සිද්දිය දැනගත් මිනිස්සු දෙන්නා කසු කුසු ගාමින් පාරට බැස්සේය.කතාවෙන් කතාවෙන් මේ දෙන්න නාරම්මල-ගිරිඋල්ල පාරෙ මුතුගල හන්දියට වෙල පොලු දෙකකුත් අරන් බලන් ඉන්නවලු.මෙතනින් යන තවත් මනුස්සයෙක් මේ සිද්දිය දකිනවලු.දැකල මේ දෙන්න කිට්ටුවට ඇවිත් විපරම් කලාලු.මොහොතින් සියල්ල කියා පෑමට මේ මිනිසුන් දෙදෙනා පෙලඹුනා.මොවුන් දෙදෙන්න මෙතනට ආවේ තමන් අද හලාවතින් කකුළුවො ගෙනා බවත් උන් වැස්සේම පැනගොස් ඇති බවත්,මෙතනට වී බලා සිටින්නේ කොහෙ පැන්නත් හලාවතට ආපහු යන්න මේ මුතුගල හන්දියෙන් යන්න එපැයි යන බවත් පවසමිනි.
දරු දෙදෙනා බඩ අල්ලන් හිනැහෙන අයුරු දුටු අපට කදුලු පනින තරමට සිනහව පැනනැග්ගේය.ඔවුන් දෙදෙනාගේ හැසිරීම් මගේ ඉතිහාසය ආවර්ජනය කිරීමක්ම බව මට මොහොතින් සිහිගැන්වවේ.
සීයාගෙ කතාවේ රසවත් බව හෙට දිනට යොදාගත් කතාව තුලින් මට පසක් විය.අලුත් අවුරුදු නැකත් පොපියන මොහොතක මගේ පිය දරුවන් වෙත් ජනශ්‍රැතිය ගෙනන අන්දම අති මනරම්ය යයි යයි ,මට සිතේ ....