MACO

Wednesday, July 31, 2019

                                                                  රාවන බලකොටුව
ශ්‍රී ලංකාවේ පැවති ඉතාමත් වැදගත් රාජධානියක් වන සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂාවීමට තැනූ බලකොටුවක්,කුවේරයා මෙන් විසිමට තැනු දෙවන ආලකමන්දාවක් ලෙසද නාගරික සංකීර්ණයක් ලෙසද විචාරයන්ට බදුන් වී ඇත.
ධාතුසේනව මරුමුවට පත් කළ කාශ්‍යප ඉන්දියාවට පැනගිය තම සහෝදර මුගලන් තමාට විරුද්ධව සටනට ඒ යැයි බියෙන් සීගිරිය නම් ශේෂ කන්ද තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව සදහන්වේ. එනම් ඒ අදිමිතු රජු මිනිසුන්ට පහසුවෙන් තරණය කළ නොහැකි වූ සිංහගිරිය තම වාසභවනය කරගනු ලැබීය යනුවෙන් සදහන්ව තිබී‍මෙන් පැහැදිලිය. සිංහගිරිය පසු කාලීනව සීගිරිය බවට පරිවර්තනය වී ඇත.සීගිරි ගල්පර්වතය නැගෙනහිර දෙසින් සිංහයකුගේ පූර්ව ස්වරූපයෙන් යුතු අතර සීගිරියේ ඉහළ මාළයට පිවිසීමට ඇත්තේ සිංහ කටකිනි.එමෙන්ම සිංහ ස්වරූපයෙන් කළ ආරක්ෂක කුටිද හමුව තිබේ.ඒ අනුව සීගිරිය හැදින්වීමට සිංහගිරිය යන නම් භාවිතා කළ බව පැහැදිළිය.
කාශ්‍යප රජු සිගිරි රාජධානිය ගොඩනගා ගැනීමේදී එම ප්‍රදේශයේ සිටි භික්ෂූන්ට පිදුරන්ගල විහාරය පූජා කර සීගිරිය තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස යොදා ගත්බව සදහන්ය. නමුත් භික්ෂූන් ඉවත් කිරීම තිසා කාශ්‍යප රජු සමග භික්ෂූන් උරනව සිටි බව සදහන්ය. කශ්‍යප මරුමුවට පත්කළ මුගලන් කුමරු ලෞකික සැප සම්පත්වලින් පිරුණු සීගිරිය තම රාජධානිය ලෙස තෝරානොගෙන භික්ෂූන් වහන්සේලාට පූජාකොට නැවත අනුරාධපුරය සිය රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව සදහන්ය.
සීගිරිකැටපත් පවුරේ ලියවී ඇති කුරුටු ගී වැඩි ප්‍රමාණයක් ක්‍රි.ව.8,9 කාලයේ ලියවී ඇත. එනම් අනුරාධපුර යුගයේ අගභාගයේ ලිය වී ඇත. එමෙන්ම ක්‍රි.ව. 10,12 ශත වර්ෂවල එනම් පොළොන්නරු යුගයේ ලියවුණු සීගිරි කුරුටු ගී ද කැටපත් පවුරෙන් හමුවී තිබේ. ඒ අනුව අනුරාධපුර හා පො‍ළොන්නරු යුගවල සීගිරිය ජනප්‍රිය නැරඹී‍මේ මධ්‍යස්ථානයක්ව පැවත ඇත.
වර්තමානයේ සීගිරිය පිළිබද ගවේෂණ කටයුතු සිදුකරනුයේ සංස්කෘතික ත්‍රිකෝණය මගිනි. සීගිරිය එම සංස්කෘතික ත්‍රිකෝණයට අයත් වඩා වැදගත් පුරා භූමියක් වන අතර සීගිරිය ලො‍්කයේ අටවන පුදුමය බවට පත්විය හැකිබවට වර්තමානයේ විචාරයට බදුන්වී ඇත.ළුමෙන්ම සිගිරිය සතූරන්ගෙන් ආරක්ෂාවීමට තනන ලද බලකොටුවක් ලෙසද කූවෙරයා මෙන් විසීමට කාශ්‍යප රජු විසින් තැනූ දෙවන ආලකමන්දාවක් ලෙසද කලා නිකේතනයක් ලෙසද නාගරික සංකීරණයක් ලෙසද විචාරයට බදුන් වී ඇත. සීගිරිය බලකොටුවක්ය යන්න දැක්වී‍‍මෙදී ලක්දිව දක්නට ලැබෙන අනෙක් බලකොටුවල මෙන්ම සීගිරියද දියඅගල් පවුරෑ පදනම් ආදියෙන් ආරක්ෂිතය.පාලකයාගේ මාලිගය ආරක්ෂිත ඉහළ මාලයේ පිහිටා ඇත.සීගිරියේ ජල අගලට පිටතින් ගලින් හා ග‍ඩොලින් කළ විශාල පවුරක් හමුවන අතර ඊට ඇතූළතින් ජල අගල දක්නට ලැබේ.ජල පවුර අඩි 80ක් පමණ පළලය.ඵමෙන්ම ඵහි හමුවතිබෙන නටඹුන්වලට අනුව අවශ්‍යවිට පමණක් යොදවාගතහැකි පරිදි ලී වලින් සකස්කළ ඇතූළත පාලම යොදා තිබූ බව සදහන්ය.ඊට ඇතුළතින් ගලින් හා ගඩොලින් කළ පවුරක් හමුවේ.
සීගිරි පුරාභූමිය ජල උද්‍යානය(සමමිතික සැලැස්ම),ශිලා උද්‍යානය(ස්වභාවික සැලැස්ම),මාලක උද්‍යානය ලෙස කොටස් තූනකට බෙදා තිබෙ.ජල පවුරෙන් අනතුරුව හමුවන පවු‍රෙන් පසුව බටහිරින් සීගිරියට පිවිසෙන විට පළමුව ජල උද්‍යානයට පිවිසේ.එහි වැඩි වශයෙන් පොකූණු දක්නට ලැබෙන ‍හෙයින් එම කොටස මාලක උද්‍යානය ලෙස හැදින් වේ.එහි ගස් ගල් ආදී භූගෝලීය බාධක ඉවත් කොට මාර්ගය දෙපස ක්‍රමානුකූල සැලැස්මකට අනුව සමාන්තර ලෙස ගොඩනැගිලි හා පොකූණු ඉදිකර තිබෙන බැවින් එම ‍කොටස සමමිතිකානුකූල සැලැස්ම ලෙස හැදින්වේ.
ඉන් අනතූරූව පිවිසෙනුයේ ශිලා උද්‍යානයටයි.එම කොටස ශිලා උද්‍යානය ලෙස හදුන්වා ඇත්තේ වැඩි වශයෙන් ගල් පර්වත වලින් යුතු බැවිනි.එමෙන්ම එම කොටසේ පැවති ගස් ගල් පර්වත ආදී කිසිවක් ඉවත් නොකොට ඒවා පරිසරයේ අලංකාරයක් ලෙස යොදාගනිමින් විවිධ නිර්මාණ කොට තිබෙන බැවින් එම කොටස ස්වභාවික සැලැස්ම ලෙස හැදින්වේ.
අනතූරුව පිවිසෙන ඉහළ කොටස මාලක උද්‍යානය ‍ලෙස හැදින්වේ.එහි දක්නට ලැබෙන ප්‍රධාන පුරාවිද්‍යාත්මක නටඹුන් අතර සීගිරි විත්‍ර, කැටපත් පවුර,සිංහ පාද,ප්‍රධාන මාලිගය සහ ගල මුදුනේ දක්නට ලැබෙන පොකුණු දෙක සහ ගල් ආසනයද වැදගත් වේ.සීගිරියට පිවිසීමට බටහිර දිග දොරටුව හැරුනුවිට නැගෙනහිර දකුණු උතුරු දෙසින්ද දොරටු පිහිටා තිබූ බවට සාධක තිබේ.

ගෘහ නිර්මාණ[සංස්කරණය]

ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබදව අධ්‍යනයේදී සීගිරිය වඩා වැදගත්ය. එනම් අනුරාධපුර,පොළොන්නරුව වැනි ස්ථාන වලින් පුරාවිද්‍යාත්මක නටඹුන් රාශියක් හමුවුවත් ඒවා පාලකයන් රාශියක් යටතේ දීර්ඝ කාල පරිච්ඡේදයක් තුල සංවර්ධනය වූ ඒවා නමුත් සීගිරිය ධාතුසේනව මැරු කාශ්‍යප ක්ෂණිකව තම රාජධානිය ලෙස තෝරාගත් අතර වසර 18ක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුලගොඩනංවා භික්ෂූන්ට පූජා කිරීමෙන් පසු කිසිම පාලකයෙක් යටතේ රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස යොදා නොගැනීම නිසා පාලකයන් රාශියක් යට‍තේ සංවර්ධනයට පත් නොවිණි.ඒ අනුව ලාංකීය නිර්මාණකරුවන් තුළ පැවති සැලසුම්කරණය ගෘහනිර්මාණ තාක්ෂණය,වාස්තුවිද්‍යාව,ජල තාක්ෂණය ආදිය අධ්‍යයනය කිරිමේදී වඩාත් වැදගත්ය.එමෙන්ම ඉහත අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් හමුවන නටඹුන් බොහොමයක් ආගමික නටඹුන් වන අතර සීගිරියෙන් හමුවන නටඹුන් ලෞකික නටඹුන් වීම නිසා ලංකාවේ ලෞකික ගෘහ නිර්මාණ ශිල්පය පිළිබදව අධ්‍යයනයේදී සීගිරිය ප්‍රධාන වේ.සීගිරියෙන් හමුවන නටඹුන් අතර බලකොටුවකට අවශ්‍ය නොවන ලෞකික නටඹුන් අතර සීතල මාලිගා,විනෝද උද්‍යාන,ජල තටාක ආදිය වැදගත්ය.ජල උද්‍යානය ආසන්නයෙන්ද සීතල මාලිගයක නටඹුන් හමුව තිබේ.පොකුණේ සිට පැමිණි භුගත ජල මාර්ගයක් සීතල මාලිගයෙහි අත්තිවාරම වටා ගමන් කර නැවත පොකුණට වැටී තිබෙන අතර කුමන තාක්ෂණයක් පැවතියේද යන්න ස්ථිරව කිව නොහැක. පොදුවේ සීතල මාලිගයක් යැයි විශ්වාස කෙරේ.
එසේම ජල උද්‍යානය ඉතාම වැදගත් වන අතර එහි අද පවා වර්ෂා කාලයේදී භූගතව ජලය පැමිණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල මලක් හමුව තිබේ.

සීගිරි චිත්‍ර[සංස්කරණය]

ආලකමන්දාවක් යයි කීමේදී සීගිරි චිත්‍ර ඉතාමත් වැදගත්ය.ක්‍රි.ව.8දී චිත්‍ර 502ක් පැවති බව සදහන් වුවද අද දක්නට ඇත්තේ චිත්‍ර 22ක් පමණි.මෙම චිත්‍ර ප්‍රධාන ලෙස බටහිර ගල් පර්වතය දිගේ දක්නට ලැබේ.තවද නයිපෙන ගුහාව,වතුරබක්කිගල ගුහාව,දැරණියගල ගුහාව හා ශිලා උද්‍යානයේ ගුහාවන්හි දක්නට ලැබේ.චිත්‍ර ඇදීමේදී තලය සදහා මී පැණි,හුඹස් මැටි,දහයියා මිශ්‍රණයක් යොදාගන තිබේ.වර්ණ සැකසීම සදහා ගොකටු කිරි,මකුළු මැටි,රණවරා ආදී දේශීය අමුද්‍රව්‍ය යොදාගන ඇත. සීගිරි චිත්‍ර වල දැකියහැකි විශේෂ ලක්ෂණයක් වනුයේ උඩුකය සහිත කාන්තා රූප පමණක් පැවතීමයි.චිත්‍ර නිර්මාණයේදී ශරීර ප්‍රමාණයන්,ඇදුම් පැළදුම්,ආභරණ,මල් හා මල් වට්ටි නිසි පරිමාණකූලව දක්වා තිබීම කලා කරුගේ නිර්මාණ කුසලතාව පෙන්වයි.
සීගිරි චිත්‍ර පිළිබදව උගතුන් අතර විවිධ මත ඇත.ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P.බෙල් මහතාගේ මතය වූයේ සීගිරිය ආසන්නයේ පිදුරංගල විහාර වන්දනයට යන අන්ත:පුර කතුන් හා සේවිකාවන් බවයි.එහි සිටින කහපාට වර්ණවත් කතුන් අන්ත:පුර කතුන් බවද අදුරු පැහැ කතුන් සේවිකාවන් බවද දක්වයි.උඩුකය පමණක් තිබීමත් වළාකුළෙන් මතුවන සේ තිබීමත් නිසා ඒ දිව්‍ය ස්ත්‍රීන් බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහසයි.මාටින් වික්‍රමසිංහ මහතාගේ අදහස එය දිය කෙළියක් බවයි.
"රජුගෙ ඇතොරෙන් අපි නොයෙමුයි
ඔවුහු හගුමින් සිටිති"
යන කුරැටු ගීයට අනුව සිය වල්ලභයාගේ මරණයෙන් ශෝක වන අන්ත:පුර කතන් බව නන්දදේව විජේසේකර මහතා පවසයි.සෙනරත් පරණවිතාන මහතා පවසනුයේ රන්වන් කතුන් තුලින් විජ්ජුලතා හෙවත් විදුලියද නිලිවන් කතුන් තුළින් මේඝලතා හෙවත් මේඝයද නිරූපණය වන බවයි.ඒ අනුව සීගිරියේ ඉතාමත් විචිත්‍රවත් අංගයක් ලෙස සීගිරිචිත්‍ර වැදගත්ය.

කැටපත් පවුර හා කුරුටු ගී[සංස්කරණය]

සීගිරි කුරුටු ගී මිල කළ නොහැකි ජාතික දායාදයක් වන අතර සීගිරිය නැරඹූ භික්ෂූන්,කරණවෑමියන්,මැති ඇමතිවරු,සාමාන්‍ය ජනතාව ආදී සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් ලියන ලද කුරුටු ගී සීගිරි කැටපත් පවුරින් හමුව තිබේ.ඔවුහු සීගිරි කතුන්ගේ රූසපුව වර්ණනා කළහ.ඔවුන්ගේ ආදරය පැතූහ.එසේම දෝෂාරෝපණය කළ කාව්‍ය සංකල්පද හමුවේ.
"පුන් පියවුරු බල දරණ  ලී ලෝජන මෙවුල් දමින් සැරසුන
මේ මනරම් ලලනාවෝ කවරහුද?"
"නිල් කට්රොල් මලක ඇවුණු වැට්කොල් මල් සෙයි"
ලෙස කතුන්ව උපමා කළහ.තවද කොමඩු ගෙඩියක එන අංගෝපංගයන්ට සීගිරි කතුන් සමාන කළහ. ඒ අනුව බලන විට සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂාවීමට තැනූ බලකොටුවක්,කුවේරයා මෙන් විසීමට තැනූ දෙවන ආලකමන්දාවක් මෙන්ම නාගරික සංකීර්ණයක් ලෙසද වැදගත් වන බව පැහැදිලිය.

Tuesday, July 30, 2019

මතින් තොර සිරි ලකක් ගොඩනගමු

                                                   මතින් තොර සිරි ලකක් ගොඩනගමු.
ස්වභාව සෞන්දර්යයෙන් අනූන ශ්‍රී ලංකාව දෙස් විදෙස් කාගේත් නෙත් සිත් සොරා ගන්නා මනරම් භූමිභාගයකි. අතීතයේ පටන් සිරිලක තේ,පොල්,රබර්,කුරුදු ආදී බොහෝ දෑ කෙරෙහි ප්‍රසිද්ධියක් ඉසිලීය.ඒ අතර ලංකාවේ මැණික් සහ ගජමුතු කෙරෙහි වූ ආකර්ෂණය අතිමහත්ය.
අතීතයෙහි එවන් ප්‍රසිද්ධියට පත් සිරිලක අද ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ මත්ද්‍රව්‍ය කෙරෙහිය.ශ්‍රී ලංකාව මත් ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත.පුරාණ අතීත කතාවල මෙන් ම අදටත් ශ්‍රී ලංකාව බොහෝ ගොදුුරු වලට ලක් වන්නේ සමකය ආශ්‍රිතව රටක් වීමත්,ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් වීමත් හේතුවෙනි.මෙනිසාම බලවත් රටවල් සිරිලක ගිලගෙන ඇත.
ලංකාව මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් වීම තුළ බාල තරුණ පරපුර නිරන්තර පරිහානියට පත්ව සිටිනු දැක ගත හැකිය.පාසල් වියෙහි සමනල පැටවුන් හයක් හතරක් නොදැන ම සිගරැට්ටුව ට,ගංජා මිටියට,කුඩු සහ ටැබ්ලට් ඇයි කියා ගන්නා නානාප්‍රකාර මත් ද්‍රව්‍ය කෙරෙහි ලොල් ව ඇත.
මතට ලොල් වී බමන බාල මහලු කාටත් තම මව හෝ සොහොයුරිය පිළිබඳ ව අවබෝධයක් නොවන්නේ ය.බාල වයස් කාර ක් අපයෝජන සහ අපචාර බහුලව මත්ද්‍රව්‍ය අස්සේ සිදුවෙයි.දරුවා තම මව නොහඳුන්වන්නේ කිරි සුවඳ පරයා මත් සුවඳ ලේ නහර පොපියා ගොස් ඇති බැවිනි.සහෝදරයා තම සහෝදරිය වත් නොහඳුනයි.පවුල් සංස්ථා තුළ අනේක ප්‍රශ්න ගොඩ නැගෙයි.මව-පියා අතර අඩදඹර බෝමයි.අහෝ! දෙවිනි මෙවන් මත් කුමටද?
මතට ලොල් වූ මිනිසාව ඉන් ගලවා ගැනීම අසීරු ය.කුඩා දරු පැටව් මේ දැලෙහි පැටලෙන්නේ කටේ කිරි කිරිසුවද යාමටත් ප්‍රථමයෙනි.කාටත් මත පිළිබඳ අවබෝධයක් නොවෙයි.ඉන් ලැබෙන වින්දනය පමණක් ගැන සිතයි.
"සිංහල ජාතිය විනාස වෙලා ලු,ජනගහන අඩු වෙලා ලු"
මදක් සිතා බලන්න ළදරු විය මතට ගොදුරු වූ මිනිසාගේ අනාගතය පිරිපුන් විය හැකිද?සෙල්ලක්කාර කමට ගංජා සුරුට්ටුව ඉරවට මදකට සිතුනාද ස්නායු ආබාධ ඇති වෙයි කියල.ගැන්සිය ඇතුලේ පොරක් වෙන්න අරක්කු උගුර උගුර බඩට යනකොට දැනුනා ද අක්මාව දියවෙයි කියලා. ජීවිතයේ හොදම වයසට එනකොට අපේ තරුණ පරපුර ලෙඩ්ඩු වෙලා ඉවරයි. දරුඵල අහිමියි.ලෝකෙට පේන්න දැන් බොරුවට මරාගන්නව සින්හල ජාතිය අඩුවෙලා කියල.කුමන්ත්‍රණකාරීව ගොඩනැගුනු දඩයමේ ඔබත් එක් හවුල්කාරයෙක් කියල ඔබට හිතුනෙ නෑ නේද?
මත්ද්‍රව්‍ය විතරක් තියෙන තැනක ඔබට ජීවිතයක් තියේද ඔබට අනිත් සියල්ලම අහිමි ව. මඳක් සිතා බලන්න රට ජාතියේ ගොඩනඟන්නට නම් දැයට නිරෝගී දුප්පතුන් අවශ්‍යයි.රටේ ශක්තිය ජවය ඔබයි.
" මගේ සිරිලක මතින් නිවහල් රටක් වේවා! "

සොබා දහම


Sunday, July 28, 2019


හෙල ජන කවිය

                          හෙල ජන කවිය.

                          ලාංකීය සම්ප්‍රදාය පිලිබද පිලිසදරක යෙදෙන කොයි කාටත් හෙල ජන කවිය පිලිබද අමතක කල නොහැකිය.මන්ද අතීතාවර්ජනයකට එලබිය හැකි කදිම මගකි ජනකවිය.
                         අතීත පැරැන්නන් ජන කවිය ඔස්සේ පාලුව,කාන්සිය දාහය සහ රසවින්දනය යන කාරනා සියල්ල සපුරා ගන්නට ඇත්තේ මේ ඔස්සේ ය.රැකියාවන්පදනම් කරගනිමින් පාරු කවි කරත්ත කවි,නෙලුම් කවි,බඹර කවි යනාදී සම්ප්‍රදායික කවි නිමවී ඇති අතර ජන  ක්‍රීඩා පදනම් කරගනිමින් බිහි වූ නිර්මාණයන් ද දැකගත හැකිවනු ඇත.
                          පාරු කවි නිර්මානය වන්නේ  පහුරු ගමන ආශ්‍රිතව ය.අතීතයෙහි ප්‍රදාන ප්‍රවාන ක්‍රමයක් වන පහුරු ගමන මත මෙම නිර්මානයන් බිහිවන්නට වීය.
       මාතර  ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා
       තල්ල සුදුයි බෙල්ලේ ගෝමර   ගැටියා
      යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
       මිනී නොකයි මාතර කිඹුලිගෙ  පැටියා


                             
           කරත්ත කවි ගත් කල ද ප්‍රවාහන ක්‍රමයක් නැතහොත් රැකියාවක් ආශ්‍රිතව මෙම ජනකවි ප්‍රවාහය ගොඩනැගී ඇත.දුර ගනක දී වෙහෙස තනිකම මකා ගැන්නීම සදහා බාවිතා කරන්නට ඇත.
    තන්ඩලේ දෙන්න දෙපොලේ       දක්කනවා
    කටුකැලේ ගාල නොලිහා           වද අඑනවා
    හපුතලේ කන්ද දැකලා               බඩ  දනවා
    ඇදපන් ගොනෝ පූරුවෙ       හපුතල් යනවා

පැල් කවිය ද කෘශිකර්මාන්තය  පදනම් කරගනිමින් ආරම්භ වීය.තම බව බෝග වන සතුන්ගෙන් ආරක්ශා කර ගැනීම අරබයා රෑ පහන් වනතුරු නිදි වර්ජිතව සිටිනා මිනිසාගේ පාලුව තනිකම තුරන් කිරීම සදහා මෙවන් රසවත් නිර්මාන බිහි වීය.
ලස්සන හිමවතේ මා    වී  පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මම   පැල් රකින්නේ
කෘසිකර්මාන්තයේ දී තවත් ජන නිර්මාණයන් බිහිවනු දැකගත හැකිය.ඒ අතර නෙලුම් කවිද කාගේත් රසදුන කැද වූ තවත් නිර්මානයක් වීය.එහි එන අලංකාරවත් ජන නිර්මාණයක් පහත වෙයි.

තෙල් ගාලා හිස පීරන්            නෑනෝ 
ඇටවැල අරගෙන බැදගන්    නෑනෝ 
සේලය ඉනවට බැදගන්         නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ

හෙල ජන නිර්මාණයන් ගෙන් කිහිපයක් මෙසේ පෙලගැසුව ද බොහෝ ජන නිර්මාණ ලාංකීය පසුබිම තුල දැකගත හැකිය.
                                      ......සවී......


Monday, July 22, 2019

බුර්කාව

                            බුර්කාව.

                       බුර්කාව පිලිබදව බිය කාටත් පහව ගොසින් ය.ජාතිවාදී අරගලයට විරාම ලක්ශනයක්  තබා ඇත.සැබෑවටම එය රටක අනාගතය පිලිබද සුබවාදී ලක්ශනයකි.
                         කෙසේ නමුත් බුර්කාවට මුවා වී සිදු වූ මිනිස් ගාතන පිලිබද බිය සහ ශෝකය කිසි විටෙක කාටත් අමතක නොවනු ඇත.කාටත් බුර්කාව යටින් සිදු වූ බෝම්බ ප්‍රහාරය මතකය.ඒ මුවාවෙන් සිදු වූ වන්චා දූශන පිලිබද වගේ වගක් නැතුවාය.තම තමන්ගේ අනන්‍යතාව වසන් කරමින් සොර රහසේ සිදු වූ ගනුදෙනු හමාර වී ඇත.එයනම් සතුටට කරුනකි.
                 
                                   එහෙත් එක් අතකට මුස්ලිම් ආගමික කාන්තාවන් ගේ අයිතිවාසිකම් පිලිබද ගැටලුවක් නිර්මානය නොවන්නෙ ද?ශ්‍රි ලන්කාව නිදහස් රාජ්‍යයකි.එහි අයිතිවාසිකම් කිසිවෙකුගේ උල්ලන්ගනය නොකරන්නේය.එසේනම් ඇයි එක වර්ගයකට පමනක් සීමාවන්.උසස් යැයි මාන්නක්කාර සින්හල ජාතියෙහි ජාතික ඇදුම වන ඔසරියෙහි වත් තිබේද හබානාවේ තරම් සන්වරකමක්.ආරක්ශක වැඩපිළිවෙළ නිමානම් එය බාවිතා කිරීමට කැමති කොටසක් වේ නම් අවස්තාව දිව යුතු නොවේ ද?
                                      පාලකයන්ට අවශ්‍යය ජනතාව එක්වනවා ද්කින්නට ද?නැත  ඔවුන්ටත් අවශ්‍යය බෙදා වෙන්කල පාලනයක්.ජනතාව සන්විදානය නොවනා ආකාරයේ.ජාතිවාද  එයට කදිම ඉනිමගකි.සුද්ද රට අල්ලාගෙන කලෙත් ඔය ටිකම තමයි.අපි හැමෝම දන්නව මොකක්ද කරන්න ඕන කියල,ඒත් පිලිගන්න කැමති නැහැ.
අපි හැමෝම ලාන්කිකයො කියල හදවතට දැනුන දවසට මේ ගැටුම නිමාවෙයි.                                                                             
                                                               සවී...

Wednesday, July 17, 2019

අක්කාගෙන් නංගීට 


         පද්‍ය පන්තිය තුල තම ආදරනීය සොහොයුරිය පිලිබද හෘර්දයාන්ගම ආමන්ත්‍රණක් අක්කා විසින් කරයි.ජීවිත අරගලය තුල තමා අතරමන් වූ ආකාරය පිලිබද බිය මුසු කුතුහලයක් තම නැගෙනිය පිලිබඳ හෙලනා අයුරු පිලිබිඹු කිරීමට කිවිඳිය සමත් වෙයි.පද්‍ය පන්තිය පුරාවට සහෝදරිය පිලිබදව කුතුහලයක් කතා නායිකාව වන සහෝදරියට පවතී.
                 පද්‍ය ආරම්භ වන්නේම නංගීයේ.......යන ආදරනීය ලෙන්ගතු යෙදුමත් සමගිනි.එහි අක්කාම අම්මා වීය යන්න වීය.පද්‍ය ගලා යාමත් සමගම එය තව දුරටත් සනාත වන්නේ ය.නංගීයේ මොකද ගොම්මනේ මිදුල මැද යන්නෙන් ම ගැහැනියට ගොන්මන අකැප බව ගැබ්වේ.ගොම්මන් යාමයේ එලියට බසින කතට අනතුරු බෝමයකි.ගොම්මනේ යන යෙදුමෙහි ගුප්ත බලවේගයක් ඈ වටා  අනතුරක් දැවටෙන බව කියවේ.මිදුල මැද තනියෙන් යන්න තුල තවත් හුදකලාව  ජනිත කරවයි.වැඩ ඇරි ගෙදර ආ වෙලේ ඉදන් උබ කියන්න බැරි සතුටින් යන්නෙහි ඒකාකාරී ජීවිතය ට හුදෙකලා විවේකයක් නැගෙනිය පතන බව කතකයා පවසයි.
                                 දෙවෙනි කවි පන්තිය තුල කතා නායිකාව තමා ලද අද්දැකීම ඉදිරිපත් කරයි.මෙතුල ඈ තුල නැගෙනිය පිලිබද වන බිය ආත්මාවරෝපනය කරමින් ඉදිරිපත් කරයි.නැගෙනිය ගේ හැසිරීම තමාගේ අතීත හැසිරීට සමාන බවත් ඇගේ ජීවිතය දරුවෙකු සමග අතරමන් වී දෑසේ කදුලු වගුරන දුක්බර ජීවිතයක් බවට කිවිඳිය පවසයි.
                           තුන්වන කවි පන්තිය තුල සමාජ යතාර්ථය පිලිබදව අනාවරනයක් වෙයි.වග වලසුන් ලෙස අශිෂ්ටාචාර මිනිසා පිලිබදව ගම්‍ය වේ.මාවත පෙනේනම්,දෑසත් හොඳට පෙනේ නම් මග නොනවතී ඉදිරියට යන ලෙස මග නැවතුන අක්කා පවසයි.කිවිඳිය කවිය අවසාන කරන්නේ අලංකාර ව්‍යංගාර්ත ගොන්නක් සමගිනි
                                කවිය සරල සුගම බස් වහරක් යටතේ ව්‍යංගාර්තවත් ලෙස රචනා කිරීමට සමත් වෙයි.සමාජ යතාර්තය අනාවරනය කිරීමක් ලෙස කවිය දැක්විය හැකිය.
                                       ..................සවී..................

Thursday, July 11, 2019

                                      සිල්ලර කාසි
                         
                           රුපියල් සත ගනනට මිනිසා පත්ව ඇත.මිනිස් හැගීම් සිල්ලර කාසි වලට යටවී ඇත.ජීවිතයේ සෑම දෙයක්ම පාසා මුදලට මනින සමාජයක් ගොඩනැගී තිබේ.සියලු සබඳතා මනින මිනුම් දඩුවක් බවට මුදල් පත්වී හමාරය.ප්‍රේම සබදතා පවා කාසි වලට යටවෙලා.ලස්සන වාහනයක්,ගෙයක්,හොඳ රස්සාවක් වගේ දේවල් වලට මිනිස්සු හිරවෙලා.ආත්මීය බැදීම් රුපියල් අස්සෙ හිරවෙලා.මිනිස්සු ඒ ඒ තැන්වල ම ගොලුවෙලා.
                           හැමෝටම හැම දේම අමතක වෙලා.දරු පවුල් ඈත් වෙලා.අම්ම කාසි හොයාගෙන පිට රටක තනි වෙලා.එහෙමත් නැත්නම් තාත්ත කාසි හොයාන එද්දි දරුවො ඈත්වෙලා.බිරිඳ තවත් ලෝකෙක අතරමන් වෙලා.
                          හැමදේම සල්ලිවලට මනින සමාජ ක්‍රමයක් ගොඩනැගිල.මේ හැමදේම පස්සෙ දුවල හැති වැටිල ආපහු හැරිල බලද්දි ජීවිතේ ගොඩක් දේවල් මගහැරිල.
                            *ජීවිතය කියන්නෙ සල්ලිත් නෙවෙයි.සල්ලි කියන්නෙ ජීවිතයත් නෙවෙයි*