MACO

Thursday, July 11, 2019

                                      සිල්ලර කාසි
                         
                           රුපියල් සත ගනනට මිනිසා පත්ව ඇත.මිනිස් හැගීම් සිල්ලර කාසි වලට යටවී ඇත.ජීවිතයේ සෑම දෙයක්ම පාසා මුදලට මනින සමාජයක් ගොඩනැගී තිබේ.සියලු සබඳතා මනින මිනුම් දඩුවක් බවට මුදල් පත්වී හමාරය.ප්‍රේම සබදතා පවා කාසි වලට යටවෙලා.ලස්සන වාහනයක්,ගෙයක්,හොඳ රස්සාවක් වගේ දේවල් වලට මිනිස්සු හිරවෙලා.ආත්මීය බැදීම් රුපියල් අස්සෙ හිරවෙලා.මිනිස්සු ඒ ඒ තැන්වල ම ගොලුවෙලා.
                           හැමෝටම හැම දේම අමතක වෙලා.දරු පවුල් ඈත් වෙලා.අම්ම කාසි හොයාගෙන පිට රටක තනි වෙලා.එහෙමත් නැත්නම් තාත්ත කාසි හොයාන එද්දි දරුවො ඈත්වෙලා.බිරිඳ තවත් ලෝකෙක අතරමන් වෙලා.
                          හැමදේම සල්ලිවලට මනින සමාජ ක්‍රමයක් ගොඩනැගිල.මේ හැමදේම පස්සෙ දුවල හැති වැටිල ආපහු හැරිල බලද්දි ජීවිතේ ගොඩක් දේවල් මගහැරිල.
                            *ජීවිතය කියන්නෙ සල්ලිත් නෙවෙයි.සල්ලි කියන්නෙ ජීවිතයත් නෙවෙයි*

3 comments:

  1. සල්ලි කියන්නෙ ජිවිතේ නෙවෙයි තමා එත් සල්ලි නැතිව ජිවත් වෙන්න අද සමාජෙදි පුලුවන්ද?..
    සල්ලි කියන්නෙ ජීවිතේ නෙවෙයි නම් ඇයි මේ සමාජේ සල්ලි තියෙන මිනිස්සුයි සල්ලි නැති මිනිස්සුයි කියල වර්ග දෙකක් ඉන්නෙ? ඉන්න තිබ්බනෙ එකම විදිහක මිනිස්සු විතරක්... 🙂

    ReplyDelete
  2. ඔව් ඒක එහෙම වෙන්න පුලුවන් ඔයත් try කරල බලන්න

    ReplyDelete