MACO

Wednesday, July 17, 2019

අක්කාගෙන් නංගීට 


         පද්‍ය පන්තිය තුල තම ආදරනීය සොහොයුරිය පිලිබද හෘර්දයාන්ගම ආමන්ත්‍රණක් අක්කා විසින් කරයි.ජීවිත අරගලය තුල තමා අතරමන් වූ ආකාරය පිලිබද බිය මුසු කුතුහලයක් තම නැගෙනිය පිලිබඳ හෙලනා අයුරු පිලිබිඹු කිරීමට කිවිඳිය සමත් වෙයි.පද්‍ය පන්තිය පුරාවට සහෝදරිය පිලිබදව කුතුහලයක් කතා නායිකාව වන සහෝදරියට පවතී.
                 පද්‍ය ආරම්භ වන්නේම නංගීයේ.......යන ආදරනීය ලෙන්ගතු යෙදුමත් සමගිනි.එහි අක්කාම අම්මා වීය යන්න වීය.පද්‍ය ගලා යාමත් සමගම එය තව දුරටත් සනාත වන්නේ ය.නංගීයේ මොකද ගොම්මනේ මිදුල මැද යන්නෙන් ම ගැහැනියට ගොන්මන අකැප බව ගැබ්වේ.ගොම්මන් යාමයේ එලියට බසින කතට අනතුරු බෝමයකි.ගොම්මනේ යන යෙදුමෙහි ගුප්ත බලවේගයක් ඈ වටා  අනතුරක් දැවටෙන බව කියවේ.මිදුල මැද තනියෙන් යන්න තුල තවත් හුදකලාව  ජනිත කරවයි.වැඩ ඇරි ගෙදර ආ වෙලේ ඉදන් උබ කියන්න බැරි සතුටින් යන්නෙහි ඒකාකාරී ජීවිතය ට හුදෙකලා විවේකයක් නැගෙනිය පතන බව කතකයා පවසයි.
                                 දෙවෙනි කවි පන්තිය තුල කතා නායිකාව තමා ලද අද්දැකීම ඉදිරිපත් කරයි.මෙතුල ඈ තුල නැගෙනිය පිලිබද වන බිය ආත්මාවරෝපනය කරමින් ඉදිරිපත් කරයි.නැගෙනිය ගේ හැසිරීම තමාගේ අතීත හැසිරීට සමාන බවත් ඇගේ ජීවිතය දරුවෙකු සමග අතරමන් වී දෑසේ කදුලු වගුරන දුක්බර ජීවිතයක් බවට කිවිඳිය පවසයි.
                           තුන්වන කවි පන්තිය තුල සමාජ යතාර්ථය පිලිබදව අනාවරනයක් වෙයි.වග වලසුන් ලෙස අශිෂ්ටාචාර මිනිසා පිලිබදව ගම්‍ය වේ.මාවත පෙනේනම්,දෑසත් හොඳට පෙනේ නම් මග නොනවතී ඉදිරියට යන ලෙස මග නැවතුන අක්කා පවසයි.කිවිඳිය කවිය අවසාන කරන්නේ අලංකාර ව්‍යංගාර්ත ගොන්නක් සමගිනි
                                කවිය සරල සුගම බස් වහරක් යටතේ ව්‍යංගාර්තවත් ලෙස රචනා කිරීමට සමත් වෙයි.සමාජ යතාර්තය අනාවරනය කිරීමක් ලෙස කවිය දැක්විය හැකිය.
                                       ..................සවී..................

3 comments: