ලාංකීය සම්ප්‍රදාය පිලිබද පිලිසදරක යෙදෙන කොයි කාටත් හෙල ජන කවිය පිලිබද අමතක කල නොහැකිය.මන්ද අතීතාවර්ජනයකට එලබිය හැකි කදිම මගකි ජනකවිය.
අතීත පැරැන්නන් ජන කවිය ඔස්සේ පාලුව,කාන්සිය දාහය සහ රසවින්දනය යන කාරනා සියල්ල සපුරා ගන්නට ඇත්තේ මේ ඔස්සේ ය.රැකියාවන්පදනම් කරගනිමින් පාරු කවි කරත්ත කවි,නෙලුම් කවි,බඹර කවි යනාදී සම්ප්‍රදායික කවි නිමවී ඇති අතර ජන ක්‍රීඩා පදනම් කරගනිමින් බිහි වූ නිර්මාණයන් ද දැකගත හැකිවනු ඇත.
පාරු කවි නිර්මානය වන්නේ පහුරු ගමන ආශ්‍රිතව ය.අතීතයෙහි ප්‍රදාන ප්‍රවාන ක්‍රමයක් වන පහුරු ගමන මත මෙම නිර්මානයන් බිහිවන්නට වීය.
මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර ගැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා
කරත්ත කවි ගත් කල ද ප්‍රවාහන ක්‍රමයක් නැතහොත් රැකියාවක් ආශ්‍රිතව මෙම ජනකවි ප්‍රවාහය ගොඩනැගී ඇත.දුර ගනක දී වෙහෙස තනිකම මකා ගැන්නීම සදහා බාවිතා කරන්නට ඇත.
තන්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද අඑනවා
හපුතලේ කන්ද දැකලා බඩ දනවා
ඇදපන් ගොනෝ පූරුවෙ හපුතල් යනවා
පැල් කවිය ද කෘශිකර්මාන්තය පදනම් කරගනිමින් ආරම්භ වීය.තම බව බෝග වන සතුන්ගෙන් ආරක්ශා කර ගැනීම අරබයා රෑ පහන් වනතුරු නිදි වර්ජිතව සිටිනා මිනිසාගේ පාලුව තනිකම තුරන් කිරීම සදහා මෙවන් රසවත් නිර්මාන බිහි වීය.
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ
කෘසිකර්මාන්තයේ දී තවත් ජන නිර්මාණයන් බිහිවනු දැකගත හැකිය.ඒ අතර නෙලුම් කවිද කාගේත් රසදුන කැද වූ තවත් නිර්මානයක් වීය.එහි එන අලංකාරවත් ජන නිර්මාණයක් පහත වෙයි.
තෙල් ගාලා හිස පීරන් නෑනෝ
ඇටවැල අරගෙන බැදගන් නෑනෝ
සේලය ඉනවට බැදගන් නෑනෝ
ගොයම් නෙලන්නට යමු අපි නෑනෝ
හෙල ජන නිර්මාණයන් ගෙන් කිහිපයක් මෙසේ පෙලගැසුව ද බොහෝ ජන නිර්මාණ ලාංකීය පසුබිම තුල දැකගත හැකිය.
......සවී......




වටිනවා!
ReplyDeleteKwd sachii... lassanai eka..
ReplyDeleteSupper ❤❤❤
ReplyDelete👍👍👍👍
ReplyDeleteGood
ReplyDeleteඑල
ReplyDeleteGood
ReplyDeleteNiyamai.....
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDeleteMaru maru
ReplyDeleteEla
ReplyDeleteNiyamai digatama liynna
ReplyDelete